සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි ඵය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප‍්‍රකාශයට පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. .
0 comments:
Post a Comment